Posts

Showing posts from October, 2025

අන්දරේගෙ තණ මැනීම

මෙහි පලමු කවිය අන්දරේ විසින් කියන ලද්දක් ලෙස ජන වහරේ පවතින කවියකි.  එම කවියත් සමග ඇතිවිය හැකිව තිබූ සංවාදය මගේ අදහසක් ලෙස ඉදිරිපත් කර ඇත.  කොට දිග මහත රවුමට උල් වෙච්ච තන ගැට වට අලුත් හා කල්ගිය පරණ තන මට මැන ගන්න මහරජුගෙන් ලැබුණි අණ පොට ඔසරිය මෑත්කර පෙන්වන්න තන රජුනේ ඔබේ අණ පිලි පැදුමට ගෑනූ අදිමදි කලා දෙහිඹුල් කෑලෙස මූණු මං මැන ගත්ත අණකර එලියට දානු ඉරටු ගොඩේ ඇත සැමගෙම දිග ගානූ කියලා කටිං තණ මැන ගන එන්න කියා  මේ කවටයා පටලා නණ මෙයින් ගියා ලියලා මිසක නැත රජ අණ මතු දිනයා ඉරටුවෙ දිගට උන්හට අද ගෙවනු නියා

පලා නෙලන ලඳ හා අන්දරේ

මෙහි පලමු කවිය අන්දරේ විසින් කියන ලද්දක් ලෙස ජන වහරේ පවතින කවියකි.  එම කවියත් සමග ඇතිවිය හැකිව තිබූ සංවාදය මගේ අදහසක් ලෙස ඉදිරිපත් කර ඇත.  පුල පුලා ඇවිත් බැස මලල ආරට හෙළ හෙළා බඳින වරලස පිට කරට බල බලා මදෙස මුවරඳ සිනාවට විල පලා නෙලන කත හොඳලු පහසට සිත සිතා හිටියෙ ඔබ වැනි තරුණෙක්ට මග බලා ඉන්නෙ මව් මට බන්ඳන්ට හොර හොරා නැතුව පහසක් ලැබ දෙන්ට වහ වහා යමුද පැලකට තනි වෙන්ට අහුලාගන කෑවට මී අඹ ගෙඩි කවුරුද ඉන්නේ එනතුරු ගස් ගෙඩි උඹලගේ අම්මට මං නැතුවට වැඩි කෙනෙක් ලැබේවී මට වැඩි බඩ වැඩි

ටිකිරි ලියක් සමග අන්දරේ සංවාදය

මෙහි පලමු කවිය අන්දරේ විසින් කියන ලද්දක් ලෙස ජන වහරේ පවතින කවියකි.  එම කවියත් සමග ඇතිවිය හැකිව තිබූ සංවාදය මගේ අදහසක් ලෙස ඉදිරිපත් කර ඇත.  ඉහළ ගෙදර වී පැදුරේ පරෙයියා පහළ ගෙදර වී පැදුරේ කොබෙයියා ටිකිරි ලියක් දොර අස්සෙන් එබෙයියා ටිකිරි නඟේ පියයුරු කයි කොබෙයි යා“ ඉ ල්ලා අඹ ගන්න සිතුනා මේ අයියා ගේ පෑලේ නෑ කවුරුත් මේ කයියා පෑල දොරින් ආවොත් ගෙට ඔය දෙයියා කොබෙයියාට වැඩි දේවල් කෙරෙයියා යමිනා සිටින්නේ බැහැරකි මේ පාන්දර එමිනා ගමන් ඉන්නෙමි උඹෙ පෑල දොර දෙමිනා හඬක් ඉල්ලා ගෙන ගිනි අඟුර පෙමිනා වෙලෙන්නට සුභ නම් අරිනු දොර සැමියා සිටියි පිල උඩ හවස් ජාමෙට නොකරා සද්ද එනු පෑල දොරකඩට මං එලි බහින්නේ මැදියම් ජාමයට අපි ගොස් වහං වෙමු කුඹුකේ ළිඳ ළඟට

දිය නානා කැකුළු ලිය අන්දරේට දුන් පිලිතුර

මෙ හි පලමු කවිය අන්දරේ විසින් කියන ලද්දක් ලෙස ජන වහරේ පවතින කවියකි.  එම කවියත් සමග ඇතිවිය හැකිව තිබූ සංවාදය මගේ අදහසක් ලෙස ඉදිරිපත් කර ඇත.  පතුල බැසා අල උදුරන කලට ලියේ මකුල සේම වත ඉහළට යාය ලියේ මුකුළු සිනා අප දැක කෝඩු කාරියේ කැකුළු තන තෙමෙයි නොබසින් ගැඹුරු දියේ බැසලා දියේ මං නෙලනා නෙලුම් අල මෑත් වෙලා දිය රෙද්දත් බැලූ කල පාඩුවෙ නොයා සමගින් මේ කොලූ රැල මගේ තනේ තෙමුනා තොට කිමද පල  බැලුවා නොවෙයි පෙනුනා උඹෙ පයෝදර කිව්වා නොවෙයි කියවෙනවා පද හතර ගව්වා ගොසින් එන විට නැවත ගම්දොර කිව්වා නොවේ නම් මං තී කරමි අහවර ඉන්නේ මමත් රතු හීනැටි බත් කාලයි දෙන්නේ කවුද ඉඩ තා වැනි මහලු එකයි ගන්නේ කරට උඹ වැනි පුරුෂයෝ දෙකයි කන්නේ උඹේ අද මං ලේ කැවුතු තමයි

ගොවි පැමිණිල්ල

මේක බ්ලොග් එකක තිබුණ කතාවකට මං දාපු කොමෙන්ටුවක් ඒකෙ කතා නායකයාගේ නම දන්නේ නැති නිසා රචකයා ඔහු හඳුන්වා තිබුණේ හේනෙ මාම කියල වැහි බලලා බිම් කොටලා කුරහන් වපුරඤ්ඤයි රෑ හේනේ පැල් රැකලා ඒක බලා ගඤ්ඤයි ඉරිද පොලේ එය විකුණා පනං දෙකක් ගඤ්ඤයි හේනෙ මාම කිව්වෙ මොකෝ මං ගොයිගම සිංඤෝයි

රහමෙර දොලදුක

හෙට දවසේ අප සැවොමා  එද වාගෙම හමු විය යුතු වේ එද දවසේ අපට ගෙනා  මිහිර හෙටත් ගෙන ආයුතුවේ  සට සට ගහා ගැහුවත් මදහස පාන .. මට මැවෙනවා අබයගෙ කොටහළු මූණ.. හෙට සමිතියට එන්නට දකිනව හීන.. වට දෙක තුනක් වත් යන්නට බඩු ඕන...👍🍾 දඩ මස් ටිකත් තම්බා ලිප උඩ  ගින්නේ නැද්දෝ කිතුලෙ මල් පැණි ටික වෑහෙන්නේ ගේනව කිව් නිසා දතකට මැදලා ඉන්නේ වඩියක් වත් ගසාපං දැං ගෙට උඩ කන්දේ බොන්නට රා ටිකක් මට දඩ මස් එක්ක.. ආසාවකි මගෙත් පෙර සිහිනෙන් දැක්ක.. මන් මිනිසෙකි උතුම් නිති කිව් දෙය රැක්ක.. රා බොන්නට එනව හෙට සදුනුත් එක්ක..

කවි සංවාද

එක බත් පත අනාගෙන එකටම කාපූ... දෙක තුන පෙම් හසුන් එක දවසට දීපු.. දුක ලග කළණ හිත නිරතුරු තනි රැකපු..  රැකගමු මිතුරු දම් දිවියට පණ පොවපූ..❤️💪 දානය මලගෙයක් වැඩිවිය පත් වීමක් නිවසේ පැවත්වෙන කිසියම් කටයුත්තක් තම හෝ මිතුරෙකුගෙපිලිබඳ පණිවිඩයක් සඳහන් කලොත් පැමිණෙයි බොහෝ දෙනෙක් දන්නා කෙනෙකුගේ B'day මෙහි ඉන්න දැමුවොත් මෙහිදි හැක සැමටම දැනගන්න  Wish කර පැතුම් කේකුත් කන්නට එන්න හැකි අය ඒවි kiss එක දීලම යන්න Miss වුන කැච් වලට නැවතත් පණ දෙන්න  ගොස් කොසු පාර නොලබා back වෙන්න  දුර වැඩි නිසා ඒමට නොහැකිය ගන්ට.. ලග අය කීවො⁣තින්හැකි එය දීගන්ට.. දුර වැඩි උනත් එයි විගහින් එය ගන්න  කැමති කෙනෙක් ඉන්නවනම් පවසන්න .......☺️ පිනවා බිරිද හට දී රසබර කොත්තූ👌 එනවා මමත් ගන්නට ඔය කිව් තොත්තූ🤭 පුෂ් නැත එදා මෙන් දීමට අද තොත්තු දවසින් දවස යයි වයසට මේ ඇත්තු.. ක්රෂ් එක දැක්ක විට ලඟටම යාගත්තූ දුරදී ඇපල් ලෙස ගස්ලබු දැකගත්තු     කියනා නිසා මේ ලෙසටම මේ නැන්දා.. වයසට ගිහිල්ලත් මගෙ බඹසර බින්දා.. ලය තුල නැවුම් හැගුමන් පොපියන හින්ද...

පානය කල යුතු සැටි වොඩ්කා

රුසියාවේ හදල මෙහේ ගෙනත් විකුණන පානේ සුදු උනාට සුදුව නෙවෙයි ගින්දර වාගේ  දෙන්නේ අපි නැහැ  ගල් පොල් ඇත අනු පානේ නවන්නෙපා ලඟ ලඟ බඩු එන්නෙ තැපෑලේ බඩූ එන්නෙ තැපෑලේ  හොම්බෙන් යන්නට වෙන්නේ කබරය පස්සෙන් එන්නේ බල්ලට මචං කියන්නේ තම තම නැණ පමණින් දැන ගත යුතු පදමට අරගෙන ගෙදරත් යායුතු පොලිස් මාමලා රජකරි කල යුතු  ඒනිස විදියක් යන හැටි දැන එනු පැරණි බොහො දේ ඇත මතක් කෙරුමට අද මෙහි ඇත බොහො දෙනා ගජරාමෙට  නොදැම්මොත් ඩිංගක් රහමෙර උගුරට එන්නේ නෑ හොඳ වචන කොල්ලන් හට නැත කිසි තරඟයක් බැලුමට බෝතල් අඩිය  බවුසර් ගනන් නැත පිරුමට කලගෙඩිය සමබර ලෙස පැවැත්වීමට මේ සංහිඳිය සෑහෙනු මැනව ඇති ඇති සැටියෙන් වඩිය

කලකට පස්සේ හමුවුනෙ සිත්සේ

විසි තුන් වසරකට පසුව හමුවන්නේ බොහෝ දෙනෙක්  මේ විලසින් කතා බහක් ඇති විය හැක නොමැත සැකක් අනේ ඔයා කෙට්ටු වෙලා මමත් ටිකක් මහත් වෙලා සුදු කෙස් ගස් තැනින් තැනින් මතුවෙනවා අනේ මෙයා අයියෝ මගෙ පරණ සබන් කෑල්ලනේ මේ තියෙන්නෙ  තව සැරයක් ගාගත්තොත් නෝන අරියි සෙම හක්කේ දත් හැලිලා කෙස් හැලිලා තඩි බඩ ගෙඩියක් හැදිලා එදා උන්නු කොලු ගැටයා දැන් සීයා කෙනෙක් වෙලා හිතේ තිබුන එදා රූපෙ අද වී ඇත වෙනස් වෙලා  හතලිස් ඇඳිරිය හින්දා බැලුවේ මේ ලං වීලා

උපන් දිනයට කියූ කවි

කීවොත් ඔබේ දිනයක් සුභ උපන්දිනේ දුරක් නෙවෙයි කෑගල්ලත් සුදූ අනේ කරක් ගසා යන්නට මට පපා සෙනේ එනවා කියන පමවට නැහැ සුනංගුනේ කේකුත් කාල තව මොනවත් ලැබ දෙන්න එන්නද කෙල්ලෙ කෑගල්ලට මං ඔන්න  සැමරුම ජයෙන් ජය ලෙසටම සිදුවන්න තිබුනොත් හොඳයි මොකවත් ලාවට ගන්න එන්නකො ඉතින් ආදරයෙන් පිළිගන්නම් ලා වට නොවෙයි ඇති වෙන්නට බඩු දෙන්නම් මිනිහට හොරා තොත්තුවකුත් ලැබ දෙන්නම්  ගෙදරින් එලෙව්වොත් උඹ හා මං එන්නම්  අම්මා සිනාසුණ දරුවා අඬන විට දිනයයි උපන් ජීවිතයේ අප සැමට සමරන ගමන් හැම වසරෙම එම දිනට දෙමු මල් මිටක් මවු විඳි වේදනාවට පතන්නට සුභ උපන් දිනයට හොඳම කවියක් උඹට කීමට පිරිස සමගින් ඇවිත් ගෙදරට එන්න ඕනෑ හොඳම පදමට පතලා යන්න සුපැතුම් ඇවිදින් ලඟට කාලා කේක්🍰 සමගින් හොඳ රන් කහට☕ එන්නට පිරිස සමගින් කියනා තැනට  ඇත්නම් තව මුකුත් 🍾හැක සලකා බැලීමට😇

පිය ගුණ වැනුම

කදුලැලි උතුරන දිවි මාවතය.. ඒ මග නැවතීමකි ආදරය.. ලොවේ සතට මෙත පතුරන ගුණය.. සෙත් කවියක් වේවා ජීවිතය..😔😔😥❤️ නිව්නා මගේ ලොවෙ එලි කල පහන් සිල.. ගෙව්නා ජීවිතය දියකර කදුළු වල.. වැටෙනා කදුළු බිදූවක් හෝ තුනී කල.. දැනුණා ඔබෙන් සවියක් කල නොහැකි මිල...😔 නිවී ගියත් ඉර හඳ දෙක ඔබ අහසේ  සමගයි ඔබේ සොයුරන් කැල එකසේ අත්වැල වෙමින් සැමටම එක රන්සිත්සේ නිවනට යන්න පිං පුරවමු සිත් සතොසේ තැබුවත් ඔබව මුවගට සිනහව නංවා ඔහු හිනැහුනේ හදවත තූල දුක හංගා පියෙකුගෙ මෙහෙය නොතබා අන් අත රන්දා ඔහු පුතණුවකි ණය නැති බිව් කිරි හින්දා බිහිකර ලොවට වටිනා දූ පුතුන් කැලක්  සිටියා එතුම සියවසකට අඩුව ටිකක්  පාදා දෙඇස් දරුවන් හට නොදී දුකක්  මෙතේ බුදුන් දැක හිමි වේවා නිවනක් 🙏🙏🙏🙏🙏🙏

කවි සංවාදය

වැස්සක් වැහල සේදී ගිය වාගේ  දෝ සයිලන්ට් වෙලා  අද සෙට් එක  අපෙ කොහෙ දෝ ටියුෂන් ගියපු දරුවන්ගේ පස්සෙන් දෝ මං ගැලවුනේ ඕවායින් "පෙර" පිනකින්දෝ ගෙට් එක නිසා කවි සිතිවිලි අපමණය....   බැලු බැලූ තැන කවිකාරයෝ ඇති සැටිය....            මටනම් පුදුමයකි සුන්දර සිතිවිලිය....             සැමටම ආදරෙයි සැමදා වැජබෙමුය.. නිසඳැස් වුවත් ලීවොතින් විඳීය හැකී සිටියා එදා පන්තියෙ හොඳ කවියො කිවී මතකයි එදා පොත් පිටුවල තිබුණ කවී හදවත සුන්දරයි නම් කවි විඳිය හැකී අපහසු වුනත් ගලපන්නට හතර පද හැකි අය පටන් ගන්නකො ගලපා දෙපද කිවයුතු දෙයක් නොකියා ලෙස අමුවෙන්ද කවියෙන් කීව නම් කෙතරම් අගනේද නිහඬව ඉන්න බෑ අම්මපා හැමදාම .. පන්තියේ ඔක්කෝම කවි කාරයි බෝම.. එන්නට නොහැකි වූවත් එද දිනයේම මගෙ ආදරේ උඹලට ඇත හැමදාම 

වැහි දාට

Image
වැස්සක් නිසා සීතල දැනිලද පාලූ ඉන්නේ මොකද ගොලුවන්සේ බිව් අරලු රත්කර ගත්ත නම් ගත සිත හරි යාලූ කවියක් කියා තව මොනවත් සිදුවේලූ සීතල වුනත් ගුලි වී ඉන්නට බැරිය දවසක් සිටියොතින් රැස්වෙන වැඩ ගොඩය.. පැටවුන් රකින්නට කරනා මේ මෙහෙය. කෙරුමට ගොසින් මං වී ඇත තෙතබරිය පස්සට නොදා මිතු සෙනෙහස පෙරටු කරන්.. තිස්සෙම හිත කැමති ඉන්නට තමයි ලගින්.. ඉස්සර වගේ බෑ ඉන්නම මේක බදන්.. වැස්සට පලක් බැද ඉමි මම උදේ ඉදන්..

මොඩර්න් මෝහිනී

Image
ඉන්නව වාගේ අද නම් කවුරුත් තුංමං හංදිය මැද්දේ කෙස්ස කඩාගන අතදරු එල්ලන් බාගෙට රෙද්දත් ඇත්තේ මේ රෑ තනියම යන්නේ කොහෙදෝ ඇයි අයියේ මේ ඉද්දේ චුට්ටක් ඇවිදින් ගන්නකො දරුවා ඇඳගන්නට මේ රෙද්දේ හදලා දෙන්නම් රෙද්දත් හනිකට ගන්නට නම් බෑ දරුවා ඉස්සර උන් හට උඹ කල හදි මං අහලා තියනව  බොහොමා අයියා වාගේ අය දැන් එන්නේ උස්සන්නට මේ රෙද්ද උන්ගේ කලිසම ගලවා ඔලුවෙන් යැව්වේ උන් කර සුද්ද එක දරුවෙක් මේ අතේ දරාගන ඕනෑ නෑ තව බඩට🧑‍🍼 පුලුවන් නම් මට දීපං සායක් ඇඳලා ඇති රෙදි ඉනට😜😜

අතේ මසා ගනු හාමුදුරුවනේ

Image
අඳනේ  හිලක් හැදිලා  දැන් අඳිනු බැරී අන්ඩය එලා ගන්නට මට පේනො මදී කොලුවා අතේ එවලා ඇති තෑගි පොදී මැශිමත් අරන් මේ පැත්තට වරෙන් මැගී එක අඳනයද ඇත්තේ විලි වහගන්න මැෂිමට තෙල් දමා බැහැ අද වැඩ ගන්න තව දවසක් දෙකක් බැරිනම් ඉවසන්න අණ්ඩය අතේ මහගන අද සැන සෙන්න

මංගල ජෝගිය

එකොලහ වසරෙ A පන්තියෙ අපි හිටියා කෙල්ලන් තුනට එක කොලු ගානේ සිටියා ඒහෙමත් ඉඳල මං ගොඩ ගියෙ නැති සැටියා ඒ චක්කරේ දන්නැති මං රං කැටියා තාමත් නැහැ පරක්කූ නුඹහට ගොඩයන්න.  විසිපහෙ කොල්ල ලෙස දුටුවේ අද ඔන්න හොඳ කෙල්ලෙක් හොයා ඇයගේ අතගන්න. පතනවා මේ වසරෙවත් එය ඉටු වෙන්න. සන්තක වෙන්න නැතිවද සෙනෙහසක් ලබා.. මෙච්චර කල් ගොසින් විරසක ඇයිද ඹඹා... කොච්චර කරත් උඹ හට ඔය ටිකම තමා පත්තරෙ දමා ඇත එහෙනම් බඩුම තමා එද මදිවුනා කාලය මෙය විසදන්න.... මේ රන්කැටියගේ පොරදම්ටික ගලපන්න... පතනා කෙනෙක් ඇති මෙහි ඔය අතගන්න අම්මල නෙවෙයි කෙල්ලන් වර බන්දන්න......❤️ පෙනුමට විසි පහක් වාගේ උන්නාට ඉන්නේ ඕකා හැරමිට්ටේ වාරුවට  නොම කර හිනාවට වැඩ රට්ටුන්ට බණවත් අසා බලපන් ගොස් පන්සලට ඔය කිව් කොල්ලො උඹ බීලා නැහුනාට.. මේ රංකැටිය ලොල් නෑ රහමෙර රහට කොල්ලා වාගේ ඉන්නා අපේ රංකඳට නොකියන් කතා උඹෙ නොහොබිනාවට කළුවට තිබුණ කෙස් එක දෙක සුදු වෙනවා..  සළුවට හැඩට පෙණුනට ගත වැහැරෙනවා.. නළුවට උණත් ලෝ දම පසුපස එනවා.. මළුවට යමං දැං බොට එය ගැලපෙනවා.. ඔටුවත් සිහිවෙන්නෙ කතරේ යන දාටයි.. අටුවත් පිරුණෙ අස්වනු පලබර දාටයි.. තටුවක් නැතොත...

පෝදා සිතිවිලි

Image
පින්බර පොහෝ දිනයක් යෙදි ඇත අදට සුදුසුයි ගොසින් බණ මඩුවේ සිටීමට මෙලොවත් පරලොවත් දෙකෙහිම දියුණුවට  කාලය ඇවිත් නවගුණ වැල ගැනීමට පායා එද්දි පුන්සඳ පින්බර අහසේ චායා මැවේ බුදු සමිඳුගෙ රැස් සිරසේ හෝදා දමා කල කමි හිමි ගුණ වැස්සේ  පාදා ගනිමු දොර නිවනට අද දවසේ රැය දිගු වෙන්නෙ නිදි වරනා  මිනිසාටයි අඩි දිග වෙන්නෙ සක්මන් කරනා  අයටයි හිමි ගුණ දන්නෙ බුදු මග යන සුදනාමයි දිගු සසරක් වන්නේ පිං නැති   දුදනාටයි මැරෙනා දිනය නෑ අප තවමත් දන්නේ  කෙරෙනා දිනය අද වුව වියහැකි වන්නේ බදනා සියලු දේ නැහැ අප ගෙනි යන්නේ කල් බැලු අයට නැහැ සසරක් නිම වන්නේ 

සාගතයක නිමාව

Image
ගාසා තීරෙ ඉඳලයි ආවේ එක්කන්  කාලා නැහැලු බත් ගිය මාසෙ හිටන් නාවා පොවා කවලා මදුවිත සමගින් පාදා ගත්තා පිං දෙව්ලොව සැප ගෙනදෙන්

පරණ පිනක්

Image
හාලා මං කුඹුරත් අද ගියා කඩේ පැත්තේ  ලිඳට පන්ට්ටුවයි ගාන්න තින්තත් අරගත්තේ පාත්තයයි කුකුලො දෙකයි ඇති කරන්න ගත්තේ  කැඩුන නිසා ටැට්ටරයත් පයිනුයි යා යුත්තේ  බිමින් තියං මේ බඩු ගොඩ මං මල් ගහ අස්සේ ඉන්නා විට තරුණ ලඳක් මට ලඟකට දිස්සේ  දොංපෙට යන පාර කොයිබ කියපං මට අයියේ හවස් වෙලා මට මාවත පේන්නෑනෙ කොයියේ මගේ ගෙයත් ඇත්තේ ඔය උඹ කියනා පැත්තේ  උඹව ඇලරවන්නෙ කොහොම මටත් මගක් නැත්තේ දමා තින්ත පනිට්ටුවට එක අතකට ගනිංකෝ  අනෙක් අතට පාත්තයා කුකුලො කිහිලි ගහංකෝ එහෙනං බං මේ ටික මං අතින් කරෙන් එල්ලන්  උඹ එනවද මාත් එක්ක හනිකට කෙටි පාරෙන් කනවැංදුං ඉන්නේ මං මගෙ ගේ දොර තනියෙන්  යමින් ගමන් අයියා මට කරයිද හදි තදියෙන් අමු කැවිලා දෝ උඹලට මයෙ අතේ කරේ බඩුනේ හදි කරන්න ගියොතින් තොට මුං කොයි යාවීනේ ඔය කිව්වට ඕවා අයියෙ මට නං සුලු වැඩනේ දන්නැත්තං කරනා හැටි මං කියලා දෙන්නේ පාත්තයා බිමින් තියල පනිට්ටුවෙන් වහලා  තිංත බකට් එකත් වරෙං ටිකක් එහයින් තියලා තෝ කිව්වට මං ඉන්නේ කිහිලි ගහං කුකුලා කොහොමද මං හදි කරන්න උඹ රෙදි ටික කඩලා ඕනෑ නං උඹහට මං එය දෙන්නං කියලා ...