කලකට පස්සේ හමුවුනෙ සිත්සේ

විසි තුන් වසරකට පසුව හමුවන්නේ බොහෝ දෙනෙක් 
මේ විලසින් කතා බහක් ඇති විය හැක නොමැත සැකක්

අනේ ඔයා කෙට්ටු වෙලා මමත් ටිකක් මහත් වෙලා
සුදු කෙස් ගස් තැනින් තැනින් මතුවෙනවා අනේ මෙයා

අයියෝ මගෙ පරණ සබන් කෑල්ලනේ මේ තියෙන්නෙ
 තව සැරයක් ගාගත්තොත් නෝන අරියි සෙම හක්කේ

දත් හැලිලා කෙස් හැලිලා තඩි බඩ ගෙඩියක් හැදිලා
එදා උන්නු කොලු ගැටයා දැන් සීයා කෙනෙක් වෙලා

හිතේ තිබුන එදා රූපෙ අද වී ඇත වෙනස් වෙලා 
හතලිස් ඇඳිරිය හින්දා බැලුවේ මේ ලං වීලා

Comments

Popular posts from this blog

ටිකිරි ලියක් සමග අන්දරේ සංවාදය

පලා නෙලන ලඳ හා අන්දරේ

අන්දරේගෙ තණ මැනීම