අන්දරේගෙ තණ මැනීම
මෙහි පලමු කවිය අන්දරේ විසින් කියන ලද්දක් ලෙස ජන වහරේ පවතින කවියකි.
එම කවියත් සමග ඇතිවිය හැකිව තිබූ සංවාදය මගේ අදහසක් ලෙස ඉදිරිපත් කර ඇත.
ගැට වට අලුත් හා කල්ගිය පරණ තන
මට මැන ගන්න මහරජුගෙන් ලැබුණි අණ
පොට ඔසරිය මෑත්කර පෙන්වන්න තන
රජුනේ ඔබේ අණ පිලි පැදුමට ගෑනූ
අදිමදි කලා දෙහිඹුල් කෑලෙස මූණු
මං මැන ගත්ත අණකර එලියට දානු
ඉරටු ගොඩේ ඇත සැමගෙම දිග ගානූ
කියලා කටිං තණ මැන ගන එන්න කියා
මේ කවටයා පටලා නණ මෙයින් ගියා
ලියලා මිසක නැත රජ අණ මතු දිනයා
ඉරටුවෙ දිගට උන්හට අද ගෙවනු නියා
Comments
Post a Comment