ටිකිරි ලියක් සමග අන්දරේ සංවාදය
මෙහි පලමු කවිය අන්දරේ විසින් කියන ලද්දක් ලෙස ජන වහරේ පවතින කවියකි.
එම කවියත් සමග ඇතිවිය හැකිව තිබූ සංවාදය මගේ අදහසක් ලෙස ඉදිරිපත් කර ඇත.
පහළ ගෙදර වී පැදුරේ කොබෙයියා
ටිකිරි ලියක් දොර අස්සෙන් එබෙයියා
ටිකිරි නඟේ පියයුරු කයි කොබෙයියා“
ඉල්ලා අඹ ගන්න සිතුනා මේ අයියා
ගේ පෑලේ නෑ කවුරුත් මේ කයියා
පෑල දොරින් ආවොත් ගෙට ඔය දෙයියා
කොබෙයියාට වැඩි දේවල් කෙරෙයියා
යමිනා සිටින්නේ බැහැරකි මේ පාන්දර
එමිනා ගමන් ඉන්නෙමි උඹෙ පෑල දොර
දෙමිනා හඬක් ඉල්ලා ගෙන ගිනි අඟුර
පෙමිනා වෙලෙන්නට සුභ නම් අරිනු දොර
සැමියා සිටියි පිල උඩ හවස් ජාමෙට
නොකරා සද්ද එනු පෑල දොරකඩට
මං එලි බහින්නේ මැදියම් ජාමයට
අපි ගොස් වහං වෙමු කුඹුකේ ළිඳ ළඟට
Comments
Post a Comment