පලා නෙලන ලඳ හා අන්දරේ
මෙහි පලමු කවිය අන්දරේ විසින් කියන ලද්දක් ලෙස ජන වහරේ පවතින කවියකි.
එම කවියත් සමග ඇතිවිය හැකිව තිබූ සංවාදය මගේ අදහසක් ලෙස ඉදිරිපත් කර ඇත.
හෙළ හෙළා බඳින වරලස පිට කරට
බල බලා මදෙස මුවරඳ සිනාවට
විල පලා නෙලන කත හොඳලු පහසට
සිත සිතා හිටියෙ ඔබ වැනි තරුණෙක්ට
මග බලා ඉන්නෙ මව් මට බන්ඳන්ට
හොර හොරා නැතුව පහසක් ලැබ දෙන්ට
වහ වහා යමුද පැලකට තනි වෙන්ට
අහුලාගන කෑවට මී අඹ ගෙඩි
කවුරුද ඉන්නේ එනතුරු ගස් ගෙඩි
උඹලගේ අම්මට මං නැතුවට වැඩි
කෙනෙක් ලැබේවී මට වැඩි බඩ වැඩි
Comments
Post a Comment