වැහි දාට

වැස්සක් නිසා සීතල දැනිලද පාලූ
ඉන්නේ මොකද ගොලුවන්සේ බිව් අරලු
රත්කර ගත්ත නම් ගත සිත හරි යාලූ
කවියක් කියා තව මොනවත් සිදුවේලූ

සීතල වුනත් ගුලි වී ඉන්නට බැරිය
දවසක් සිටියොතින් රැස්වෙන වැඩ ගොඩය..
පැටවුන් රකින්නට කරනා මේ මෙහෙය.
කෙරුමට ගොසින් මං වී ඇත තෙතබරිය

පස්සට නොදා මිතු සෙනෙහස පෙරටු කරන්..
තිස්සෙම හිත කැමති ඉන්නට තමයි ලගින්..
ඉස්සර වගේ බෑ ඉන්නම මේක බදන්..
වැස්සට පලක් බැද ඉමි මම උදේ ඉදන්..

Comments

Popular posts from this blog

ටිකිරි ලියක් සමග අන්දරේ සංවාදය

පලා නෙලන ලඳ හා අන්දරේ

අන්දරේගෙ තණ මැනීම