රහමෙර දොලදුක
හෙට දවසේ අප සැවොමා
එද වාගෙම හමු විය යුතු වේ
එද දවසේ අපට ගෙනා
මිහිර හෙටත් ගෙන ආයුතුවේ
සට සට ගහා ගැහුවත් මදහස පාන ..
මට මැවෙනවා අබයගෙ කොටහළු මූණ..
හෙට සමිතියට එන්නට දකිනව හීන..
වට දෙක තුනක් වත් යන්නට බඩු ඕන...👍🍾
ගින්නේ
නැද්දෝ කිතුලෙ මල් පැණි ටික වෑහෙන්නේ
ගේනව කිව් නිසා දතකට මැදලා ඉන්නේ
වඩියක් වත් ගසාපං දැං ගෙට උඩ කන්දේ
බොන්නට රා ටිකක් මට දඩ මස් එක්ක..
ආසාවකි මගෙත් පෙර සිහිනෙන් දැක්ක..
මන් මිනිසෙකි උතුම් නිති කිව් දෙය රැක්ක..
රා බොන්නට එනව හෙට සදුනුත් එක්ක..
Comments
Post a Comment