උපන් දිනයට කියූ කවි

කීවොත් ඔබේ දිනයක් සුභ උපන්දිනේ
දුරක් නෙවෙයි කෑගල්ලත් සුදූ අනේ
කරක් ගසා යන්නට මට පපා සෙනේ
එනවා කියන පමවට නැහැ සුනංගුනේ

කේකුත් කාල තව මොනවත් ලැබ දෙන්න
එන්නද කෙල්ලෙ කෑගල්ලට මං ඔන්න 
සැමරුම ජයෙන් ජය ලෙසටම සිදුවන්න
තිබුනොත් හොඳයි මොකවත් ලාවට ගන්න


එන්නකො ඉතින් ආදරයෙන් පිළිගන්නම්
ලා වට නොවෙයි ඇති වෙන්නට බඩු දෙන්නම්
මිනිහට හොරා තොත්තුවකුත් ලැබ දෙන්නම් 
ගෙදරින් එලෙව්වොත් උඹ හා මං එන්නම් 




අම්මා සිනාසුණ දරුවා අඬන විට
දිනයයි උපන් ජීවිතයේ අප සැමට
සමරන ගමන් හැම වසරෙම එම දිනට
දෙමු මල් මිටක් මවු විඳි වේදනාවට

පතන්නට සුභ උපන් දිනයට
හොඳම කවියක් උඹට කීමට
පිරිස සමගින් ඇවිත් ගෙදරට
එන්න ඕනෑ හොඳම පදමට

පතලා යන්න සුපැතුම් ඇවිදින් ලඟට
කාලා කේක්🍰 සමගින් හොඳ රන් කහට☕
එන්නට පිරිස සමගින් කියනා තැනට 
ඇත්නම් තව මුකුත් 🍾හැක සලකා බැලීමට😇

Comments

Popular posts from this blog

ටිකිරි ලියක් සමග අන්දරේ සංවාදය

පලා නෙලන ලඳ හා අන්දරේ

අන්දරේගෙ තණ මැනීම