මංගල ජෝගිය

එකොලහ වසරෙ A පන්තියෙ අපි හිටියා
කෙල්ලන් තුනට එක කොලු ගානේ සිටියා
ඒහෙමත් ඉඳල මං ගොඩ ගියෙ නැති සැටියා
ඒ චක්කරේ දන්නැති මං රං කැටියා

තාමත් නැහැ පරක්කූ නුඹහට ගොඩයන්න. 
විසිපහෙ කොල්ල ලෙස දුටුවේ අද ඔන්න
හොඳ කෙල්ලෙක් හොයා ඇයගේ අතගන්න.
පතනවා මේ වසරෙවත් එය ඉටු වෙන්න.


සන්තක වෙන්න නැතිවද සෙනෙහසක් ලබා..
මෙච්චර කල් ගොසින් විරසක ඇයිද ඹඹා...
කොච්චර කරත් උඹ හට ඔය ටිකම තමා
පත්තරෙ දමා ඇත එහෙනම් බඩුම තමා

එද මදිවුනා කාලය මෙය විසදන්න....
මේ රන්කැටියගේ පොරදම්ටික ගලපන්න...
පතනා කෙනෙක් ඇති මෙහි ඔය අතගන්න
අම්මල නෙවෙයි කෙල්ලන් වර බන්දන්න......❤️



පෙනුමට විසි පහක් වාගේ උන්නාට
ඉන්නේ ඕකා හැරමිට්ටේ වාරුවට 
නොම කර හිනාවට වැඩ රට්ටුන්ට
බණවත් අසා බලපන් ගොස් පන්සලට

ඔය කිව් කොල්ලො උඹ බීලා නැහුනාට..
මේ රංකැටිය ලොල් නෑ රහමෙර රහට
කොල්ලා වාගේ ඉන්නා අපේ රංකඳට
නොකියන් කතා උඹෙ නොහොබිනාවට


කළුවට තිබුණ කෙස් එක දෙක සුදු වෙනවා.. 
සළුවට හැඩට පෙණුනට ගත වැහැරෙනවා..
නළුවට උණත් ලෝ දම පසුපස එනවා..
මළුවට යමං දැං බොට එය ගැලපෙනවා..

ඔටුවත් සිහිවෙන්නෙ කතරේ යන දාටයි..
අටුවත් පිරුණෙ අස්වනු පලබර දාටයි..
තටුවක් නැතොත් යානය අසරණ පාටයි..
කෙටුවත් ඹඹා අන්තිම කෙටුමත් මූටයි...




 නොකියන් එලෙස උඹ මහ ඹඹා හට
මට හමු වුනා ගිය සතියේ ඇතා පිට
කෙටුමට සුදුසු කටුවක් නැති දෙව් ලොවට
මේ සතියේම ටෙන්ඩර් කර ඇත ගන්ට

මහබඹු වෙලා මා හා එද පොඩි තරහක් 
කල් ගත වෙලා දැන්නං මට ඕන එකක් 
කන්නට මෙදා බඩගින්නට බනිස් එකක් 
ගෙන්වා ගන්නෙ දැං මොකටද බේකරියක්



ගෙතුලම නාකිවෙන පිරිමින් ගෑණු හට..
කපුකම පිහිට වූවා පෙර කලෙක සිට..
දුටුවොත් ලඳක් තව මේකට වැඩිය කොට..
මැරුණත් ගෙනත් දෙමි පීරා ලෝකෙ වට...

පාසල් සේවෙ නිමවා ඉන්නා අතරේ
කල හැක උඹට ඒ ජොබ් එක නිරන්තරේ
දමා කෝට් බෑයත් ගෙන කුඩේ කරේ
පලයන් හොයන්නට ගෑණුන්ගෙ විස්තරේ



විස්තර හොයන එකනම් මහ කජ්ජක්ද..
පත්තර වලත් කපුකම් කොතරම් ඇත්ද...
කොච්චර කලත් ගැලපුනෙ නැතිනම් මුද්ද..
පෙරකුර පසට ගොස් මගෙ එක නැතිවෙද්ද...

හිටිය වගේ මට මේ ටික ඉන්න නොදී
පැටලුවොතිං උඹ මට මංගල ජෝගී
අන්තිම කැමති පත්තෙරෙකුත් ලියාදී
ආවොත් මේ සැරේ නම් කපුවා කපෝති

Comments

Popular posts from this blog

ටිකිරි ලියක් සමග අන්දරේ සංවාදය

පලා නෙලන ලඳ හා අන්දරේ

අන්දරේගෙ තණ මැනීම