පෝදා සිතිවිලි

පින්බර පොහෝ දිනයක් යෙදි ඇත අදට
සුදුසුයි ගොසින් බණ මඩුවේ සිටීමට
මෙලොවත් පරලොවත් දෙකෙහිම දියුණුවට 
කාලය ඇවිත් නවගුණ වැල ගැනීමට

පායා එද්දි පුන්සඳ පින්බර අහසේ
චායා මැවේ බුදු සමිඳුගෙ රැස් සිරසේ
හෝදා දමා කල කමි හිමි ගුණ වැස්සේ 
පාදා ගනිමු දොර නිවනට අද දවසේ

රැය දිගු වෙන්නෙ නිදි වරනා  මිනිසාටයි
අඩි දිග වෙන්නෙ සක්මන් කරනා  අයටයි
හිමි ගුණ දන්නෙ බුදු මග යන සුදනාමයි
දිගු සසරක් වන්නේ පිං නැති   දුදනාටයි
මැරෙනා දිනය නෑ අප තවමත් දන්නේ 
කෙරෙනා දිනය අද වුව වියහැකි වන්නේ
බදනා සියලු දේ නැහැ අප ගෙනි යන්නේ
කල් බැලු අයට නැහැ සසරක් නිම වන්නේ 

Comments

Popular posts from this blog

ටිකිරි ලියක් සමග අන්දරේ සංවාදය

පලා නෙලන ලඳ හා අන්දරේ

අන්දරේගෙ තණ මැනීම