කවි සංවාදය

වැස්සක් වැහල සේදී ගිය වාගේ  දෝ
සයිලන්ට් වෙලා  අද සෙට් එක  අපෙ කොහෙ දෝ
ටියුෂන් ගියපු දරුවන්ගේ පස්සෙන් දෝ
මං ගැලවුනේ ඕවායින් "පෙර" පිනකින්දෝ



ගෙට් එක නිසා කවි සිතිවිලි අපමණය....  
බැලු බැලූ තැන කවිකාරයෝ ඇති සැටිය....            මටනම් පුදුමයකි සුන්දර සිතිවිලිය....             සැමටම ආදරෙයි සැමදා වැජබෙමුය..



නිසඳැස් වුවත් ලීවොතින් විඳීය හැකී
සිටියා එදා පන්තියෙ හොඳ කවියො කිවී
මතකයි එදා පොත් පිටුවල තිබුණ කවී
හදවත සුන්දරයි නම් කවි විඳිය හැකී

අපහසු වුනත් ගලපන්නට හතර පද
හැකි අය පටන් ගන්නකො ගලපා දෙපද
කිවයුතු දෙයක් නොකියා ලෙස අමුවෙන්ද
කවියෙන් කීව නම් කෙතරම් අගනේද

නිහඬව ඉන්න බෑ අම්මපා හැමදාම ..
පන්තියේ ඔක්කෝම කවි කාරයි බෝම..
එන්නට නොහැකි වූවත් එද දිනයේම
මගෙ ආදරේ උඹලට ඇත හැමදාම 

Comments

Popular posts from this blog

ටිකිරි ලියක් සමග අන්දරේ සංවාදය

පලා නෙලන ලඳ හා අන්දරේ

අන්දරේගෙ තණ මැනීම