පිය ගුණ වැනුම

කදුලැලි උතුරන දිවි මාවතය..
ඒ මග නැවතීමකි ආදරය..
ලොවේ සතට මෙත පතුරන ගුණය..
සෙත් කවියක් වේවා ජීවිතය..😔😔😥❤️

නිව්නා මගේ ලොවෙ එලි කල පහන් සිල..
ගෙව්නා ජීවිතය දියකර කදුළු වල..
වැටෙනා කදුළු බිදූවක් හෝ තුනී කල..
දැනුණා ඔබෙන් සවියක් කල නොහැකි මිල...😔

නිවී ගියත් ඉර හඳ දෙක ඔබ අහසේ 
සමගයි ඔබේ සොයුරන් කැල එකසේ
අත්වැල වෙමින් සැමටම එක රන්සිත්සේ
නිවනට යන්න පිං පුරවමු සිත් සතොසේ


තැබුවත් ඔබව මුවගට සිනහව නංවා
ඔහු හිනැහුනේ හදවත තූල දුක හංගා
පියෙකුගෙ මෙහෙය නොතබා අන් අත රන්දා
ඔහු පුතණුවකි ණය නැති බිව් කිරි හින්දා


බිහිකර ලොවට වටිනා දූ පුතුන් කැලක් 
සිටියා එතුම සියවසකට අඩුව ටිකක් 
පාදා දෙඇස් දරුවන් හට නොදී දුකක් 
මෙතේ බුදුන් දැක හිමි වේවා නිවනක්
🙏🙏🙏🙏🙏🙏

Comments

Popular posts from this blog

ටිකිරි ලියක් සමග අන්දරේ සංවාදය

පලා නෙලන ලඳ හා අන්දරේ

අන්දරේගෙ තණ මැනීම