පානය කල යුතු සැටි වොඩ්කා

රුසියාවේ හදල මෙහේ ගෙනත් විකුණන පානේ
සුදු උනාට සුදුව නෙවෙයි ගින්දර වාගේ 
දෙන්නේ අපි නැහැ 
ගල් පොල් ඇත අනු පානේ
නවන්නෙපා ලඟ ලඟ බඩු එන්නෙ තැපෑලේ

බඩූ එන්නෙ තැපෑලේ 
හොම්බෙන් යන්නට වෙන්නේ
කබරය පස්සෙන් එන්නේ
බල්ලට මචං කියන්නේ


තම තම නැණ පමණින් දැන ගත යුතු
පදමට අරගෙන ගෙදරත් යායුතු
පොලිස් මාමලා රජකරි කල යුතු 
ඒනිස විදියක් යන හැටි දැන එනු

පැරණි බොහො දේ ඇත මතක් කෙරුමට
අද මෙහි ඇත බොහො දෙනා ගජරාමෙට 
නොදැම්මොත් ඩිංගක් රහමෙර උගුරට
එන්නේ නෑ හොඳ වචන කොල්ලන් හට

නැත කිසි තරඟයක් බැලුමට බෝතල් අඩිය 
බවුසර් ගනන් නැත පිරුමට කලගෙඩිය
සමබර ලෙස පැවැත්වීමට මේ සංහිඳිය
සෑහෙනු මැනව ඇති ඇති සැටියෙන් වඩිය

Comments

Popular posts from this blog

ටිකිරි ලියක් සමග අන්දරේ සංවාදය

පලා නෙලන ලඳ හා අන්දරේ

අන්දරේගෙ තණ මැනීම