පරණ පිනක්
හාලා මං කුඹුරත් අද ගියා කඩේ පැත්තේ
ලිඳට පන්ට්ටුවයි ගාන්න තින්තත් අරගත්තේ
පාත්තයයි කුකුලො දෙකයි ඇති කරන්න ගත්තේ
කැඩුන නිසා ටැට්ටරයත් පයිනුයි යා යුත්තේ
බිමින් තියං මේ බඩු ගොඩ මං මල් ගහ අස්සේ
ඉන්නා විට තරුණ ලඳක් මට ලඟකට දිස්සේ
දොංපෙට යන පාර කොයිබ කියපං මට අයියේ
හවස් වෙලා මට මාවත පේන්නෑනෙ කොයියේ
මගේ ගෙයත් ඇත්තේ ඔය උඹ කියනා පැත්තේ
උඹව ඇලරවන්නෙ කොහොම මටත් මගක් නැත්තේ
දමා තින්ත පනිට්ටුවට එක අතකට ගනිංකෝ
අනෙක් අතට පාත්තයා කුකුලො කිහිලි ගහංකෝ
එහෙනං බං මේ ටික මං අතින් කරෙන් එල්ලන්
උඹ එනවද මාත් එක්ක හනිකට කෙටි පාරෙන්
කනවැංදුං ඉන්නේ මං මගෙ ගේ දොර තනියෙන්
යමින් ගමන් අයියා මට කරයිද හදි තදියෙන්
අමු කැවිලා දෝ උඹලට මයෙ අතේ කරේ බඩුනේ
හදි කරන්න ගියොතින් තොට මුං කොයි යාවීනේ
ඔය කිව්වට ඕවා අයියෙ මට නං සුලු වැඩනේ
දන්නැත්තං කරනා හැටි මං කියලා දෙන්නේ
පාත්තයා බිමින් තියල පනිට්ටුවෙන් වහලා
තිංත බකට් එකත් වරෙං ටිකක් එහයින් තියලා
තෝ කිව්වට මං ඉන්නේ කිහිලි ගහං කුකුලා
කොහොමද මං හදි කරන්න උඹ රෙදි ටික කඩලා
ඕනෑ නං උඹහට මං එය දෙන්නං කියලා
කුකුල් දෙන්න දීපං මට මං ඉන්නං අල්ලා
එහෙනං බං හනිකට යං හොඳම තැනක් බලලා
ඇලරවන්න මං එනවා උඹ ගේ දොර හොයලා
Comments
Post a Comment