මොඩර්න් මෝහිනී

ඉන්නව වාගේ අද නම් කවුරුත් තුංමං හංදිය මැද්දේ
කෙස්ස කඩාගන අතදරු එල්ලන් බාගෙට රෙද්දත් ඇත්තේ

මේ රෑ තනියම යන්නේ කොහෙදෝ ඇයි අයියේ මේ ඉද්දේ
චුට්ටක් ඇවිදින් ගන්නකො දරුවා ඇඳගන්නට මේ රෙද්දේ

හදලා දෙන්නම් රෙද්දත් හනිකට ගන්නට නම් බෑ දරුවා
ඉස්සර උන් හට උඹ කල හදි මං අහලා තියනව 
බොහොමා

අයියා වාගේ අය දැන් එන්නේ උස්සන්නට මේ රෙද්ද
උන්ගේ කලිසම ගලවා ඔලුවෙන් යැව්වේ උන් කර සුද්ද

එක දරුවෙක් මේ අතේ දරාගන ඕනෑ නෑ තව බඩට🧑‍🍼
පුලුවන් නම් මට දීපං සායක් ඇඳලා ඇති රෙදි ඉනට😜😜






















Comments

Popular posts from this blog

ටිකිරි ලියක් සමග අන්දරේ සංවාදය

පලා නෙලන ලඳ හා අන්දරේ

අන්දරේගෙ තණ මැනීම