දිය නානා කැකුළු ලිය අන්දරේට දුන් පිලිතුර

මෙහි පලමු කවිය අන්දරේ විසින් කියන ලද්දක් ලෙස ජන වහරේ පවතින කවියකි. 
එම කවියත් සමග ඇතිවිය හැකිව තිබූ සංවාදය මගේ අදහසක් ලෙස ඉදිරිපත් කර ඇත. 


පතුල බැසා අල උදුරන කලට ලියේ
මකුල සේම වත ඉහළට යාය ලියේ
මුකුළු සිනා අප දැක කෝඩු කාරියේ
කැකුළු තන තෙමෙයි නොබසින් ගැඹුරු දියේ



බැසලා දියේ මං නෙලනා නෙලුම් අල
මෑත් වෙලා දිය රෙද්දත් බැලූ කල
පාඩුවෙ නොයා සමගින් මේ කොලූ රැල
මගේ තනේ තෙමුනා තොට කිමද පල 

බැලුවා නොවෙයි පෙනුනා උඹෙ පයෝදර
කිව්වා නොවෙයි කියවෙනවා පද හතර
ගව්වා ගොසින් එන විට නැවත ගම්දොර
කිව්වා නොවේ නම් මං තී කරමි අහවර


ඉන්නේ මමත් රතු හීනැටි බත් කාලයි
දෙන්නේ කවුද ඉඩ තා වැනි මහලු එකයි
ගන්නේ කරට උඹ වැනි පුරුෂයෝ දෙකයි
කන්නේ උඹේ අද මං ලේ කැවුතු තමයි

Comments

Popular posts from this blog

ටිකිරි ලියක් සමග අන්දරේ සංවාදය

පලා නෙලන ලඳ හා අන්දරේ

අන්දරේගෙ තණ මැනීම